කෝඩ්ස් එකතු කිරීමේ මාර්ගෝපදේශ
ආයුබෝවන්! Vchords යෙදුමට කෝඩ්ස් එකතු කිරීමේදී පහත මාර්ගෝපදේශයන් අනුගමනය කරන්න
පටුන:
- අන්තර්ගත එකඟතාවය
- මූල පද හෙවත් කී වර්ඩ්ස්
- කෝඩ්ස් එක් කිරීමේ ආකෘතිය
- වාදන අනුපිළිවෙල සකස් කිරීම
- වාදන කාලය සකස් කිරීම
- පළ කිරීම සහ සමාලෝචනය
අන්තර්ගත එකඟතාවය
- වගකීම: කරුණාකර ඔබේ කෝඩ්ස් සහ පද මාලා, කොපිරයිට් නීති උල්ලංඝනය නොකරන බවත්, මෙම සමූහයට නොනොගැලපෙන දේ අන්තර්ගත නොවන බවටත් වගබලා ගන්න. මෙම මාර්ගෝපදේශයන්ට පටහැනි හෝ වලංගු කොපිරයිට් විරෝධතා ලැබෙන ඕනෑම ගීතයක අන්තර්ගතය වෙනස් කිරීමට හෝ සම්පූර්ණයෙන්න්ම ඉවත් කිරීමට අපට අයිතිය ඇත.
මූල පද හෙවත් කී වර්ඩ්ස්
- සොයා ගැනීමේ පහසුව: ඔබේ ගීතය වැඩියෙන් සොයා ගත හැකි ලෙස මූල පදවල් කාර්යක්ෂමව යොදා ගන්න. ගීතය හෝ ගායකයාගේ නම් වල විවිධත්වයන්, අනුවර්ත නම් ආදිය ඇතුළු කරන්න.
කෝඩ්ස් එක් කිරීමේ ආකෘතිය
- සම්මත ආකෘතිය: සෑම කෝඩ්ස් යොමුවක්ම මෙම රටාවට අනුව සිදු කළ යුතුය:
[ගීත කොටසේ නම] ------------------------- එම කොටස සඳහා කෝඩ් සහ ගී පද
- සමාන ගීත කොටස්: මුල් ගීතයේ කී වරක් පාවිච්චි කළත්, එක් ගීත කොටසක් එක් වරක් පමණක් මෙහි ඇතුළත් කරන්න. 'වාදන අනුපිළිවෙල' ඔස්සේ පසුව ගීතයේ සම්පූර්ණ සැකසුම සකස් කර හැක.
ගීත කොටසක අනන්‍ය බව තීරණය කරනුයේ එහි අන්තර්ගතය මත මිස කොටසේ නම මත නොවේ. උදාහරණයක් ලෙස, 'Intro' සහ 'Interlude' වැනි කොටස් දෙකක් එකම අන්තර්ගතයක් තිබේ නම්, ඒවා වෙන් වෙන් කොටස් ලෙස ලැයිස්තු නොකළ යුතුය. ඒ වෙනුවට,
[Intro/Interlude]
ලෙස එම කොටස් දෙකම නිරූපනය කරන ආකාරයට නම් කරන්න. - කොටස් නාමකරණය: ඔබේ කෝඩ් යොමු කිරීමේ එක් එක් කොටසට එහි අන්තර්ගතය සාර්ථකව නිරූපනය කරන නියමිත නමක් තිබිය යුතුය, උදාහරණයක් ලෙස
[Bridge]
,[Verse 1]
,[Intro/ Inter]
ආදිය. - උදාහරණය:
[Intro/Inter] ----------------------- | Am | - | C | - | | + | Am | C | - | [Verse 1] ----------------------- Am C Walking down the lane, G Em Under the moonlight. [Chorus] ----------------------- F C Singing our song, G Am Loud and strong. [Verse 2] ----------------------- Am C Echoes in the air, G Em Whispers of the night.
ඉහත කෝඩ්ස් දක්වා අති මුල් ගීතයේ
[Intro/Inter]
සහ[Chorus]
වැනි නැවත නැවත ඇති කොටස් ඇතුළත් වුවද, කෝඩ්ස් ඇතුලත් කිරීම්දී ඒව එක් වරක් පමණක් ඇතුළත් කර ඇත.
වාදන අනුපිළිවෙල සකස් කිරීම
- කාර්යභාරය: කෝඩ්ස් ඇතුලත් කරන ස්ථානයට පහතින් ඔබට 'වාදන අනුපිළිවෙල' සකස් කිරීමේ ස්ථානය හමුවනු ඇත. ඔබ ඇතුලත් කළ කෝඩ්ස් වලට අදාල ගීත කොටස් ස්වයංක්‍රීයව මෙහි දිස්වනු ඇත
- ගීතයේ සැකසුම සකස් කිරීම: නැවත නැවත යෙදෙන ගීත කොටස් මෙහිදී පිටපත් කර මුල් ගීතයේ ඇති අනුපිලිවෙලට සකස් කරන්න.
- උදාහරණය: ඉහත කෝඩ්ස් උදාහරණයේදී
[Intro/Inter]
සහ[Chorus]
වැනි නැවත නැවත ඇති කොටස් එක් වරක් පමණක් ඇතුළත් කර ඇති නමුත් වාදන අනුපිළිවෙල පහත පෙන්වා ඇති පරිදි මුල් ගීතයේ සැකසුමට සකසා ඇත.
වාදන කාලය සකස් කිරීම
- ක්‍රියාකාරිත්වය: මුල් ගීතයේ වාදන කාලයට අනුරූපව මෙය සකසන්න. කෝඩ්ස් ස්වයංක්‍රීය-ස්ක්‍රෝල් වීමේ අංගය සඳහා මෙම වැදගත් වේ.
- උදාහරණය: මුල් ගීතයේ වාදන කාලය මිනිත්තු 3 යි තත්පර 45 ක් වේ නම්, වාදන කාලය ලෙස `3:45` ලෙස සකසන්න.
පළ කිරීම සහ සමාලෝචනය
- කෙටුම්පත සේව් කරන්න: ඔබේ ගීතය තවම සකසා අවසන් කර නොමැතිනම් පසුව අවසන් කිරීමට තාවකාලික කෙටුම්පතක් ලෙස සේව් කළ හැක.
- සමාලෝචනය සහ අනුමැතිය: ඔබගේ කෝඩ්ස් පළ කිරීමෙන් පසු, සමාලෝචකයකු එහි අන්තර්ගතය පරීක්ශා කර එය අපගේ මාර්ගෝපදේශයන්ට අනුකූල නොවේ නම්, එය ඉවත් කිරීමට හෝ අප්රකාශිත කිරීමට ඉඩ ඇත.
- වැරදි සංශෝධනය සහ නැවත පළ කිරීම: ඔබගේ කෝඩ්ස් යම් හේතුවක් මත අප්රකාශිත කරනු ලැබුවහොත්, ඔබට ඒවා වල දෝෂ නිවැරදි කර නැවත පළ කල හැකිය.
- ඔබගේ ගීත පෙන්වීම: ඔබ ප්‍රකාශ කරන ලද හා කෙටුම්පත් කරන ලද සියලුම ගීත ඔබේ ප්රොෆයිලයෙහි 'ගීත' ටැබ් එකෙහි දිස්වනු ඇත.
Vchords වලට දායකවීම වෙනුවෙන් ඔබට ස්තූතියි!