කෝඩ්ස් එකතු කිරීමේ මාර්ගෝපදේශ
ආයුබෝවන්! Vchords යෙදුමට කෝඩ්ස් එකතු කිරීමේදී පහත මාර්ගෝපදේශයන් අනුගමනය කරන්න
පටුන:
- අන්තර්ගත එකඟතාවය
- මූල පද හෙවත් කී වර්ඩ්ස්
- කෝඩ්ස් එක් කිරීමේ ආකෘතිය
- වාදන අනුපිළිවෙල සකස් කිරීම
- වාදන කාලය සකස් කිරීම
- පළ කිරීම සහ සමාලෝචනය
අන්තර්ගත එකඟතාවය
- වගකීම: කරුණාකර ඔබේ කෝඩ්ස් සහ පද මාලා, කොපිරයිට් නීති උල්ලංඝනය නොකරන බවත්, මෙම සමූහයට නොනොගැලපෙන දේ අන්තර්ගත නොවන බවටත් වගබලා ගන්න. මෙම මාර්ගෝපදේශයන්ට පටහැනි හෝ වලංගු කොපිරයිට් විරෝධතා ලැබෙන ඕනෑම ගීතයක අන්තර්ගතය වෙනස් කිරීමට හෝ සම්පූර්ණයෙන්න්ම ඉවත් කිරීමට අපට අයිතිය ඇත.
මූල පද හෙවත් කී වර්ඩ්ස්
- සොයා ගැනීමේ පහසුව: ඔබේ ගීතය වැඩියෙන් සොයා ගත හැකි ලෙස මූල පදවල් කාර්යක්ෂමව යොදා ගන්න. ගීතය හෝ ගායකයාගේ නම් වල විවිධත්වයන්, අනුවර්ත නම් ආදිය ඇතුළු කරන්න.
කෝඩ්ස් එක් කිරීමේ ආකෘතිය
- සම්මත ආකෘතිය: සෑම කෝඩ්ස් යොමුවක්ම මෙම රටාවට අනුව සිදු කළ යුතුය:
[ගීත කොටසේ නම] ------------------- එම කොටස සඳහා කෝඩ් සහ ගී පද
- අනන්‍ය කොටස්: සෑම කොටසක්ම අන්තර්ගතය නිවැරදිව නිරූපණය කරන විශේෂිත නමක් තිබිය යුතුය.
ඔබේ කෝඩ්ස් යොමුවේ එක් එක් කොටස සඳහා
[Bridge]
,[Verse 1]
,[Intro/Inter]
වැනි නමක් යොදා ගත හැක.ගීත කොටසේ අනන්‍යතාව තීරණය කරන්නේ නම මත පමනක් නොව, එහි අන්තර්ගතය මත වේ. උදාහරණයක් ලෙස, 'Intro' සහ 'Interlude' කොටස් දෙකේ එකම අන්තර්ගතය ඇත්නම්, ඒවා වෙන් වෙන්ව දැක්වීම වෙනුවට,
[Intro/Interlude]
ලෙස ඒවා එක කොටසක් ලෙස යොදා ගත හැක. - නැවත නැවත යෙදෙන කොටස්: ඔබේ ගීතයේ කොටසක් නැවත නැවත යෙදිය යුතුනම්, එම කොටසේ අන්තර්ගතයක් නොමැතිව නම පමණක් ඇතුළත් කරන්න.
- උදාහරණය:
පහත ගීතයේ
[Intro/Inter]
සහ[Chorus]
යන කොටස් නැවත යෙදෙන ස්ථාන සඳහා නම පමණක් ඇතුළත් කර ඇත.[Intro/Inter] ----------------------- | Am | - | C | - | | + | Am | C | - | [Chorus] ----------------------- F C Singing our song, G Am Loud and strong. [Intro/Inter] ----------------------- [Verse 1] ----------------------- Am C Walking down the lane, G Em Under the moonlight. [Chorus] ----------------------- [Verse 2] ----------------------- Am C Echoes in the air, G Em Whispers of the night.
වාදන අනුපිළිවෙල සකස් කිරීම
- ක්‍රියාකාරිත්වය: කෝඩ්ස් ඔබ ඇතුල්කළ පසු, "වාදන අනුපිළිවෙල" කොටසේ ඔබ ගීතයේ ඇතුළත් කල සියලුම කොටස් දිස් වේ. නැවත නැවත යෙදෙන කොටස්ද මෙහි අඩංගු වේ. ඔබට අවශ්‍යනම් මෙහිදී එම කොටස් පිටපත් කිරීම, ඉවත් කිරීම සහ අනුපිළිවෙල තවදුරටත් වෙනස් කිරීම සිදුකළ හැක.
- උදාහරණය:
වාදන කාලය සකස් කිරීම
- ක්‍රියාකාරිත්වය: ඔබේ ගීතය සඳහා වාදන කාලය සකසන්න. මෙම කාලය ස්වයංක්‍රීය-ස්ක්‍රෝල් අංගය සඳහා වැදගත් වේ.
පළ කිරීම සහ සමාලෝචනය
- කෙටුම්පත සේව් කරන්න: ඔබේ ගීතය තවම සකසා අවසන් කර නොමැතිනම් පසුව අවසන් කිරීමට තාවකාලික කෙටුම්පතක් ලෙස සේව් කළ හැක.
- සමාලෝචනය සහ අනුමැතිය: ඔබගේ කෝඩ්ස් පළ කිරීමෙන් පසු, සමාලෝචකයකු එහි අන්තර්ගතය පරීක්ශා කර එය අපගේ මාර්ගෝපදේශයන්ට අනුකූල නොවේ නම්, එය ඉවත් කිරීමට හෝ අප්රකාශිත කිරීමට ඉඩ ඇත.
- වැරදි සංශෝධනය සහ නැවත පළ කිරීම: ඔබගේ කෝඩ්ස් යම් හේතුවක් මත අප්රකාශිත කරනු ලැබුවහොත්, ඔබට ඒවා වල දෝෂ නිවැරදි කර නැවත පළ කල හැකිය.
- ඔබගේ ගීත පෙන්වීම: ඔබ ප්‍රකාශ කරන ලද හා කෙටුම්පත් කරන ලද සියලුම ගීත ඔබේ ප්රොෆයිලයෙහි 'ගීත' ටැබ් එකෙහි දිස්වනු ඇත.
Vchords වලට දායකවීම වෙනුවෙන් ඔබට ස්තූතියි!